ක්ෂේත්‍රයේ වර්ථමාන ගැටළු පිළිබදව බලධාරීන් දැණුවත් කිරීමේ වැඩපිලිවෙලේ තවත් පියවරක්

හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමඟ ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය අද දිනය විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පවත්වන ලදී .මේ සඳහා සංගමයේ සභාපති ලේකම් ජාතික සංවිධායක සහභාගි විය.
ඊට ප්‍රථම අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ගොස් ආයුර්වේදය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කර රැකියා විරහිත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදෙන ලෙස යෝජනා කර ඇති යෝජනාවලිය සහ අදාළ ලිපි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට භාරදෙන ලදී.
අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සමඟ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ සටහනේ එක් සාකච්ඡාවක් එතුමාගේ යුනියන් පෙදෙසේ පිහිටි නිවසේ දී සිදු කරන ලදී.
හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග පැවති සාකච්ඡාවේදී
දී පහත කරුණු පිළිබඳව අවධානය යොමු විය
1. වෛද්‍යවරුන්ට හිමි වෛද්‍ය දීමනාව සම්බන්ධව
2. 2018 වර්ෂයට පසු රැකියා විරහිත උපාධිධාරී වෛද්‍යවරුන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් පුළුල්ව ක්‍රියාත්මක නොවීම
3. විවිධ මට්ටමේ ලියාපදිංචිය නොලැබූ පුද්ගලයින්ට කෙටි ක්‍රම ඔස්සේ ලියාපදිංචිය ලබාදීමට පිඹුරුපත් සැකසීමේ කුමන්ත්‍රණ සම්බන්ධව
4. කොරෝනා රෝගයේ දී ප්‍රජා සෞඛ්‍ය සේවාව තවත් පුළුල් කරමින් රෝග නිවාරණයට අපගේ දායකත්වය සහ රෝහල් පද්ධතිය තුළ අපගේ ප්‍රතිකාර සේවාවට ඇති නෛතික ගැටළු විසඳීම පිළිබඳව
5.දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සෘජු කැබිනට් අමාත්‍යාංශයක් ලෙස තිබීමේ වැදගත්කම පිළිබඳව
ආදී පුළුල් පරාසයක් තුල සාකච්ඡාව සිදු වූ අතර මේ සම්බන්ධව එතුමාට කළ හැකි මැදිහත්වීම පිළිබඳව එතුමා ද ධනාත්මක අදහස් දක්වා සිටින ලදී.
2021/10/08 දින

Previous Postජනතා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන